ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.
ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 104.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98.51ක් ලෙස සටහන්ව තිබේ. ගෝලීය දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඉන්ධන සැපයුම පිළිබඳව පවතින අවිශ්වාසය මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















