අත්තිඩිය, කහවිට ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවෙකුද යන්න පිළිබඳව සොයා බැලීමට ගල්කිස්ස පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. සැකකරු ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.















