නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය වෙත පැමිණ විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. තමන් ඇතුළු පිරිසට අසූචි ප්‍රහාරයක් එල්ල වී අදට සති දෙකක් ගත වී ඇතත්, ඒ පිළිබඳව සාක්ෂි සහිතව පොලිසියට පැමිණිලි කර තිබියදීත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඔවුහු මෙහිදී විරෝධය පළ කළහ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගේ ඡායාරූප සහ විස්තර පොලිසියට ලබා දී ඇති නමුත් බලධාරීන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ තමන්ට එල්ල වන තර්ජන පිළිබඳව ද පොලිසිය මුණිවත රකින බව සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම සිදුවීමට අදාළව සාධාරණයක් ඉටු කර දීම සඳහා මැදිහත් වන ලෙස එම පැමිණිල්ල මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා වත්තල ප්‍රදේශයේ වත්මන් ආණ්ඩුවේ ‘ඩබල් පොකට්කාරයෙකු’ පිළිබඳව අලුත් හෙළිදරව්වක් කළ අතර ඉදිරියේදී තවත් නිවාස 35ක් සම්බන්ධ තොරතුරු හෙළි කරන බව ද පැවසීය. මීට අමතරව වත්මන් විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳවත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය පිළිබඳවත් ඔහු සිය අදහස් පළ කළේය. විශේෂයෙන්ම කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ පසුබිම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.














