2026 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛනයට අදාළව හිමිකම් සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2026 ජූනි මස 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ඡන්ද හිමි නාමලේඛනයේ මූලික කෙටුම්පත මේ වන විට මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඡන්දදායකයින්ට තම නම නාමලේඛනයට ඇතුළත් වී ඇත්දැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ග්‍රාම නිලධාරී කාර්යාල මඟින් හෝ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකිය. තම නම ඇතුළත් වී නොමැති නම් හෝ නාමලේඛනයේ පවතින කිසියම් නමකට විරෝධතාවක් දක්වන්නේ නම් නියමිත දිනට පෙර ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.















