පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගනය, බදුල්ලේ සොරබොර වැව, මාතලේ දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල, දේවහූව සහ නාලන්ද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ වැව සහ වෙහෙරගල යන ප්‍රධාන ජලාශ මෙලෙස වාන් දමන බවයි. මීට අමතරව කුරුණෑගල දැදුරු ඔය සහ මොනරාගල අලිකොට ආර ජලාශ ද වාන් මට්ටමට පැමිණ තිබේ.
මධ්‍ය පරිමාණ ජලාශ අතරින් අනුරාධපුරයේ තුරුවිල, බදුල්ලේ බෝඹුරුඇල්ල, හම්බන්තොට දෙබරවැව, මොනරාගල සද්ධාතිස්ස සහ මාලින්පොත මෙන්ම වව්නියාවේ මයිලන්කුලම යන ජලාශ ද වාන් දමමින් පවතින බව වාර්තා වේ. ඉදිරි වර්ෂාපතනය අනුව වාන් ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින් අදාළ ජලාශ අවට සහ පහත් බිම්වල වෙසෙන ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.















