රජයට එරෙහිව විවිධ පාර්ශ්ව අසත්‍ය ප්‍රචාරයන් දියත් කළ ද, මෙවර යල කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර තොග මේ වන විටත් රට තුළ පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
‘වාරි මහිමය අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් කෝටි 30ක මුදලක් වෙන් කර තිබේ. මෙම අවස්ථාවට අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරුන් ද සහභාගී වූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් විධිමත්ව බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි.














