ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) සිය දෙවන දරුවා ලෙස දියණියක බිහි කර ඇති බව නිවේදනය කර තිබේ. ඒ අනුව ඇය ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට නියමිත අතර, ඉදිරි කාලසීමාවේදී ඇය ධවල මන්දිර මාධ්‍ය හමුවලින් බැහැරව සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
28 හැවිරිදි ලෙවිට්, මෙම ධුරය දරන අතරතුර දරුවෙකු බිහි කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන බව වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කරයි. ඇගේ දියණිය වන ‘විවියානා’ මැයි 01 වනදා උපත ලබා ඇති අතර, ලෙවිට් සහ ඇගේ සැමියා වන නිකලස් රිසියෝ හට 2024 ජූලි මාසයේදී සිය පළමු පුත්‍රයා උපත ලැබීය. ඇය නිවාඩු ලබා සිටින කාලය තුළ මාධ්‍ය හමුවලට මුහුණ දීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ධවල මන්දිරය විසින් මේ වන විටත් සකස් කර තිබේ.














