හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමත් සමඟ එම පරිශ්‍රය අසල දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් අල්ලස් කොමිසම ඉදිරිපිට රැස්වී සිය සහයෝගය පළ කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර ඇති අතර මේ වන විටත් පිරිස රැඳී සිටීම හේතුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත.














