ජපානයේ Aichi-Nagoya නුවර පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් පාලිත බණ්ඩාර මහතා පිරිමි ෂොට් පුට් (Shot Put) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ. මීටර් 14.02ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම රිදී පදක්කම දිනාගත් අතර, එය ශ්රී ලංකා පදක්කම් සටහනට තවත් අභිමානවත් එකතු කිරීමකි. මීට අමතරව, අද (23) දිනයේදී ශ්රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් හිමිකර දීමට ප්රදීප් සෝමසිරි සහ ජනනි ධනංජන වික්රමසිංහ යන ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව, ප්රදීප් සෝමසිරි පිරිමි මීටර් 1,500 (T46) ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් අතර, එහි රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඉන්දියාව සහ පිලිපීනය විසින් දිනා ගන්නා ලදී. මේ අතර, කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වට සහභාගී වූ ජනනි ධනංජන වික්රමසිංහ මීටර් 5.52ක දක්ෂතාවක් දක්වමින් නව ක්රීඩා උළෙලේ වාර්තාවක් සමඟ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය. මෙම විශිෂ්ට ක්රීඩා ජයග්රහණ හරහා ශ්රී ලංකාව ක්රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් තහවුරු කර ගැනීමට සමත්ව ඇත.












