උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතිය හෙට වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර, අනිද්දා වන විට එය තවදුරටත් වර්ධනය වී බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතියි. මෙම කාලගුණ තත්ත්වයේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර, මෙම තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස ධීවර හා නාවික ප්රජාවට දැඩි ලෙස අවවාද කර ඇත.












