පෙර රජයන් මෙන් නොව, මෙවර විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමේදී මෙරට අති බහුතරයක් වූ පාරිභෝගික ජනතාවට උපරිම සහනයක් සැලසීමට රජය පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය කාලයේ සිදු වූ බිල ඉහළ දැමීම්වලින් පීඩාවට පත් වූ සාමාන්‍ය ජනතාව සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් මෙවර මිල වැඩිවීමෙන් ආරක්ෂා කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මසකට විදුලි ඒකක 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කිසිදු පාරිභෝගිකයෙකුට මෙවර මිල වැඩිවීම බල නොපාන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%ක්ම මෙම ඒකක 180 සීමාවට යටත් වන බැවින්, මිල සංශෝධනයේ බර පැටවෙන්නේ ඉතිරි 5%ක ඉහළ පරිභෝජනයක් සහිත පිරිසට පමණක් බව ඔහු පෙන්වා දෙයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගිය ද, රාජ්‍ය සමාගම් පාඩු නොලබන මට්ටමට කළමනාකරණය කරමින් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට රජය මෙම තීරණය ගෙන තිබේ. රාජ්‍ය ආයතන ජනතාව සතු සම්පත් වන බැවින් ඒවා සුරකිමින් පවත්වාගෙන යාම රටේම වගකීමක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














