විදෙස් අසභ්‍ය චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ප්‍රසිද්ධ නිරූපිකාවක මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සහ ඇය මෙරට යූ ටියුබ් (YouTube) ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවලට එක්වීම සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. මෑත කාලීනව මෙවැනි විදෙස් ශිල්පීන් කිහිපදෙනෙකුම මෙරටට පැමිණීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව තුළ සිට ජාත්‍යන්තර අසභ්‍ය වෙබ් අඩවි සඳහා වීඩියෝ දර්ශන උඩුගත කරන පිරිස්වල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය කාලය පුරා නිරීක්ෂණය වී ඇත. මෙවැනි වීඩියෝ නිෂ්පාදනය කළ ස්ථාන කිහිපයක්ම පොලිසිය විසින් වටලනු ලැබූ අතර එහිදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම, මෙරට ප්‍රසිද්ධ පොදු ස්ථානයක අසභ්‍ය වීඩියෝ රූගත කිරීමක නිරත වූ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ පුවතක් ද වාර්තා වේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙරට සංස්කෘතික සහ නීතිමය රාමුවට අභියෝග වන අයුරින් සිදුවන මෙම ක්‍රියාවලීන් පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.














