හෝමූස් සමුද්‍රසන්ධිය හරහා සිදුකරන නාවික ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින්, දකුණු ඉරානයේ හමුදාමය ඉලක්ක කිහිපයක් වෙත ඇමෙරිකානු මධ්‍යම බලකාය විසින් නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව GeoPoliticsWatch වාර්තා කරයි.
ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දකුණු වෙරළබඩ තීරය පුරා ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බවත්, ඉරාන නාවික හමුදාවට අයත් කෝනාරක් නාවික හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් අවස්ථා කිහිපයකදීම ප්‍රහාර එල්ල වී ඇති බවත්ය.
හෝමූස් සමුද්‍රසන්ධිය ආශ්‍රිත ගුවන් සීමාවේ ඇමෙරිකානු ප්‍රහාරක යානා මෙහෙයුම්වල නිරත වන ආකාරය නිරීක්ෂණය වී ඇති අතර, ඉරාන හමුදා බලඇණිවල නාවික හා ගුවනා ආරක්ෂණ හැකියාවන් අකර්මන්‍ය කිරීම සඳහා ඇමෙරිකානු හමුදාවන් විසින් තවත් ප්‍රහාර රැල්ලක්දියත් කරමින් පවතින බවද වාර්තා වේ.














