සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සියලු දෙනා ගොනු කරන බව එක් පසෙකින් කියද්දී, තවත් පසෙකින් ඔහු ‘ඩීල්’ දමන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු දේශපාලන ‘ඩීල්’ නොමැති බවත්, ඔහුට ඇත්තේ මේ රටේ මහජනතාව සමග ඇති ඩීල් එක පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. එසේම සජිත් ප්‍රේමදාස මහතා වෛරය කරපින්නාගත් පුද්ගලයෙකු නොවන බවද හෙතෙම සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් (Fake Accounts) හරහා පඩි ලබාගනිමින් මඩ ප්‍රචාර පතුරුවන පිරිස් වෙත අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේ, නමක් ගමක් හෝ නිසි අනන්‍යතාවයක් නොමැතිව මෙලෙස මඩ ප්‍රචාර යැවීමට පෙර මනුෂ්‍යත්වය ගැන පොඩ්ඩක් සිතා බලන ලෙසයි.














