1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත යටතේ දක්වා ඇති වැරදි සඳහා පනවනු ලබන මූල්‍යමය දණ්ඩන වර්තමානයට ගැළපෙන පරිදි ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමිව තිබේ. විශේෂයෙන්ම ළමයින් සහ තරුණ පිරිස් අනතුරුදායක හෝ නීති විරෝධී රැකියාවල යෙදවීම වැළැක්වීම මෙන්ම සේවා ස්ථානවල සිදුවන අක්‍රමිකතා අවම කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වේ. කාලීන අවශ්‍යතාවන්ට අනුව පනතේ දඬුවම් විධිවිධාන ශක්තිමත් කිරීම හරහා ස්ත්‍රීන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම සේවක සුබසාධනය තහවුරු කිරීමට රජය මෙලෙස පියවර ගෙන තිබේ.














