2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදුකළ ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus) යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද (12) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබේ.
අදාළ ගනුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනයකට අදාළව මොවුන් දෙපළගෙන් අද දින ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් කොමිෂන් සභාවෙන් පිටව ගිය බව වාර්තා වේ. මෙම එයාර්බස් ගනුදෙනුව පසුගිය කාලය පුරා මෙරට දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වූ අතර, ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.














