ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරත වූවකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධය සිදුකර සැකකරුවන් පළා ගොස් ඇති අතර, සොයාගත් මෝටර් රථය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා ඇඟිලි සලකුණු පරීක්ෂණ පවත්වමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
















