විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වේ. ශ්‍රී ලංකාව සහ බෙලරූස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සිදුකෙරෙන මෙම සංචාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
අමාත්‍යවරයා මින්ස්ක් නගරයේදී බෙලරූස් විදේශ අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය අතරතුර අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද සැලසුම් කර තිබේ.
මීට අමතරව, අමාත්‍යවරයා මින්ස්ක් හි පැවැත්වෙන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවකට සහභාගී වන අතර, එහිදී බෙලරූස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

















