දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් මෙන්ම ‘තමිලග වෙට්‍රි කලගම්’ පක්ෂයේ නායකයා ලෙස තමිල්නාඩුවේ නව මහඇමතිවරයා ලෙස තේරී පත්වූ විජේ වෙත, දකුණු ආසියානු දේශපාලනය පිළිබඳ ප්‍රවීණ ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු වන එම්.ආර්. නාරායන් ස්වාමි (M.R. Narayan Swamy) විසින් විවෘත ලිපියක් යොමු කර තිබේ.
‘ජැෆ්නා මොනිටර්’ (Jaffna Monitor) වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කර ඇති මෙම ලිපිය මගින්, තමිල්නාඩු නව මහඇමතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විදේශ ප්‍රතිපත්තිය සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳව අතිශය තීරණාත්මක සහ යථාර්ථවාදී කරුණු රැසක් පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු සහ දෙරට අතර පවතින සංවේදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවත්, හැඟීම්බර දේශපාලනයකට වඩා ප්‍රායෝගික රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමත් මෙම ලිපිය හරහා ඔහු අවධාරණය කර තිබේ.

















