ගෝලීය වශයෙන් ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බොහෝ විදේශීය ගුවන් සමාගම් සිය මෙහෙයුම් සහ ගුවන් ගමන් වාර කපා හැරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිදු කප්පාදුවකින් තොරව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව රජය අවධාරණය කර ඇත.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ සීමිත කාලසීමාවක් සඳහා ණය පදනම මත ඉන්ධන ලබා ගනිමින් මෙම මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.















