අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ බහිල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. ඉකුත් දිනක රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් පිරිස අදාළ නිවසට කඩාවැදී වෙඩි තැබීම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් ද නිවස තුළම සිට ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු ඝාතනය වී තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, මුළු අම්බලන්තොට ප්‍රදේශයම නොසන්සුන් කළ මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















