අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන දෙදින ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡා අද බීජිං නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක දේශපාලනය සහ ගෝලීය ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ හැකි හමුවක් ලෙස සැලකෙන මෙම සාකච්ඡාවලදී වෙළඳ ගැටලු, ආරක්ෂක සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වේලාව අනුව හෙට (14) පෙරවරු 7.30ට බීජිංහි “Great Hall of the People” හිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ජනාධිපති ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීමට නියමිතය. ඉන් අනතුරුව පෙරවරු 8.00ට නායක දෙපළ අතර නිල සාකච්ඡා ආරම්භ වන අතර, එය මාධ්‍ය වෙත ද විවෘතව පවතින බව සඳහන් වේ. සංචාරයේ පළමු දිනය අවසන් කරමින් පස්වරු 3.30ට විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.














