අධික වර්ෂාවත් සමඟ ගලා ආ දැවැන්ත ජල කඳකට හසුවී ආණමඩුව, කොට්ටුකච්චිය ප්‍රදේශයේ පොල් ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු පොල් තොගයක් ජලයට ගසාගෙන ගොස් තිබේ. ඊයේ (13) උදෑසන ඇද හැලුණු මහවැසි හේතුවෙන් කොට්ටුකච්චිය ජලාශය සහ අවට කුඩා වැව් කිහිපයක් පිටාර ගැලීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇත.
කොට්ටුකච්චිය ජාතික පාසල අසල පොල් ව්‍යාපාරයේ නිරත ඩී.එම්. නිමල් ඒකනායක මහතාට අයත් පොල් ගෙඩි එක්ලක්ෂ විසිදහසකට (120,000) ආසන්න ප්‍රමාණයක් මෙලෙස ජලයට හසු වී තිබේ. දිසිදි පොල් නිෂ්පාදනය සඳහා මාසයක පමණ කාලයක සිට රුපියල් 100 ත් 120 ත් අතර මිලකට වගාකරුවන්ගෙන් මිලදී ගෙන ගබඩා කර තිබූ මෙම පොල් තොගය, ජලාශ පිටාර ගැලීමෙන් පැමිණි ජල කඳට හසුවී ඇළ මාර්ග ඔස්සේ ගසාගෙන ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ව්‍යාපාරිකයා සහ පිරිස මහත් පරිශ්‍රමයක් දරා සිය ජීවිත බේරාගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ජලයට ගසාගෙන යමින් තිබූ පොල් ගෙඩි 20,000 කට ආසන්න ප්‍රමාණයක් බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට උදවු කර තිබේ. කෙසේ වෙතත්, ව්‍යාපාරිකයාට අයත් ලොරි රථයක් ද ජලයෙන් යටවීම නිසා දැඩි හානි සිදුවී ඇති අතර, මෙම හදිසි ආපදාවෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටියි.














