දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ (Amber) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මීට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ (Yellow) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින අධික වර්ෂාවත් සමඟ කඳු බෑවුම් ආශ්‍රිතව පදිංචි ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, අනතුරුදායක තත්ත්වයකදී වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු විය යුතු බවත් අදාළ බලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියි.














