පරිසර සුරැකීම සහ වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් ඉදිරියට ගෙන යාමේ අරමුණින්, කාර්ගිල්ස් සමාගමේ ‘Kist’ සහ ‘Knuckles’ සන්නාම එක්ව දකුණු අධිවේගී මාර්ගයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි මූලික පියවරක් ලෙස අධිවේගී මාර්ගයේ ගමන් කරන මගීන් විසින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් විධිමත් ප්‍රතිචක්‍රීකරණ පද්ධති වෙත යොමු කිරීම සඳහා වැලිපැන්න සේවා පියස පරිශ්‍රයේ ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 4ක් ස්ථාපිත කර ඇත. අධිවේගී මාර්ගය යනු විශාල වශයෙන් වාහන ගමනාගමනය සිදුවන ප්‍රධාන මාර්ගයක් බැවින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමට පෙර ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙමඟින් සුවිශේෂී අවස්ථාවක් සැලසේ. බොරලැස්ගමුව සහ වනාතමුල්ල ප්‍රදේශවල ක්‍රියාත්මක වන ‘Ocean Strainer’ ව්‍යාපෘතිය සහ කාක දූපත වෙරළ තීරය සුරැකීමේ වැඩසටහන්වල තවත් එක් දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් තිරසාර අනාගතයක් ගොඩනැගීමට දායක වනු ඇත.














