අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර බීජිං අගනුවරදී පැවැත්වෙන සාකච්ඡා අතරතුර, මීළඟ නායක හමුව සඳහා චීන ජනාධිපතිවරයාට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ට්‍රම්ප් ආරාධනා කර තිබේ. මෙම සමුළුව වොෂින්ටනයේදී පැවැත්වීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා ඔහු විසින් යෝජනා කර ඇත.
චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුවාන් මහත්මියට ද මෙම සංචාරය සඳහා එක්වන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා ආරාධනා කළේය. මෙම සංචාරය අතරතුර හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඉරානයට න්‍යෂ්ටික අවි තහනම් කිරීම වැනි තීරණාත්මක ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් නායකයන් දෙපළ දැනටමත් එකඟතාවන්ට පැමිණ තිබේ.














