ගිරිල්ල පොලිස් වසමට අයත් සිරිසෙතගම ප්‍රදේශයේදී ඊයේ (13) සිදු වූ වනඅලි ප්‍රහාරයකින් 44 හැවිරිදි විවාහක කාන්තාවක මියගොස් ඇති බව ගිරිල්ල පොලිසිය පවසයි. මියගිය කාන්තාව සිය නිවෙස පිටුපස රැඳී සිටි අවස්ථාවේදී ප්‍රදේශයට කඩාවැදුණු වනඅලියෙකු එල්ල කළ හදිසි ප්‍රහාරයකින් මෙම මරණය සිදුව තිබේ. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
පසුගිය දින කිහිපය තුළ මෙම ප්‍රදේශයේ වනඅලි සැරිසැරීම ඉහළ ගොස් ඇති අතර, ආරක්ෂිත පියවර නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය කනස්සල්ල පළ කරති. සිද්ධිය සම්බන්ධයෙන් ගිරිල්ල පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.














