2025 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම මේ මස 19 වැනිදායින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙවර විශ්වවිද්‍යාල 16ක් යටතේ ක්‍රියාත්මක වන අධ්‍යයන පාඨමාලා 255ක් සඳහා සිසුන් 42,937ක් ඇතුළත් කර ගැනීමට නියමිතය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධ උපදෙස් ඇතුළත් අත්පොත කොමිෂන් සභාවේ ලියාපදිංචි පොත්හල් මඟින් හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි. මෙවර ප්‍රවේශ අත්පොත් 48,000ක් නිකුත් කර ඇති අතර, 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබා තිබේ.
අයදුම්පත් යොමු කිරීමට බලාපොරොත්තු වන සිසුන් නියමිත දිනට පෙර සිය ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කර සිටී.














