හලාවත පොලිස් වසමේ කරවිටාගාර ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු හලාවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.














