කුඩාඔය පොලිස් වසමේ ඇතිලිවැව ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 52 යන වයස්වල පසුවන ඇතිලිවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, කුඩාඔය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














