අඹන්පොළ පොලිස් වසමේ පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ 36 කණුව අසලදී ඊයේ (14) සවස් කාලයේදී මාරක රිය අනතුරක් සිදුව තිබේ. මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා අඹන්පොළ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අඹන්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














