වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අවසාන දිනය ජූනි මස 30 වැනිදා බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි. නියමිත දිනට පෙර මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද දූෂණ විරෝධී නව නීතිමය රාමුව යටතේ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.














