තණමල්විල, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දඹේවැව ප්රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට වඩා වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් වටලා විනාශ කිරීමට සමත්ව තිබේ. ඉතාමත් සරුවට වගා කර තිබූ විවිධ උස ප්රමාණයෙන් යුත් ගංජා ගස් රැසක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් ප්රදේශයෙන් පලාගොස් ඇත.
පොලිසිය විසින් සොයාගත් සියලුම ගංජා ගස් එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කර ඇති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ප්රදේශය පුරා මෙවැනි නීති විරෝධී වගාවන් මැඩලීම සඳහා වැටලීම් දැඩි කරන ලෙස ද උපදෙස් ලැබී ඇත.
















