සම්පත් බැංකුවේ මහනුවර දළදා වීදිය ශාඛාව සහ එහි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට බැංකුවේ කිසිදු නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බවත්, එවැනි ප්‍රකාශ පදනම් විරහිත බවත් බැංකු කළමනාකාරීත්වය නිල වශයෙන් තහවුරු කරයි. මහජනතාව නොමග යවන සුළු මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අවධානය යොමු නොකරන ලෙසත් බැංකුවේ කීර්තිනාමයට හානි වන අයුරින් සිදුකරන මෙවැනි ක්‍රියාවන් බැංකුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.













