මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර කිසිදු බාධාවකින් තොරව ගෙන්වීමට රජය පියවර ගෙන ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කරයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ දැනට පවතින වැඩපිළිවෙළ යටතේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත තවත් විශාල පොහොර තොගයක් දිවයිනට ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බැවින් ගොවීන්ට අවශ්‍ය පොහොර සැපයුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත්, අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා දීමට රජය කැපවී සිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සහතික කර සිටියේය.















