පසුගිය රජයන් යටතේ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්ව තිබූ ජාතික තරුණ සේවා සභාව, වර්තමානය වන විට පූර්ණ ස්වාධීනත්වයක් සහිත ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කර ඇති බව එහි සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා ප්‍රකාශ කරයි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ තරුණ පරපුරේ අභිවෘද්ධිය උදෙසා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව තීන්දු තීරණ ගැනීමේ අවකාශය දැන් උදා වී ඇති බවයි. තරුණ සේවා සභාවේ කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යමින්, දිවයිනේ සියලුම තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දීම රජයේ මූලික අරමුණ බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.















