ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) විසින් සංවිධානය කරනු ලබන ‘අයිඩියල් අභියෝගය’ (Ideal Challenge) වැඩසටහනේ 10 වැනි අදියර මෙවර හබරණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 2015 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන විශේෂයෙන්ම මහින්ද්‍ර බොලෙරෝ (Mahindra Bolero) පාරිභෝගිකයන් වෙනුවෙන් වෙන් වූවකි.
මෙම වැඩසටහන මගින් පාරිභෝගිකයන්ගේ රියදුරු කුසලතා ඇගයීමට ලක් කරනවා සේම, පාරිභෝගික ජනතාව සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. සමාජ සත්කාරක කටයුතු මෙන්ම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින අයිඩියල් මෝටර්ස් සමාගම, මෙම දීප ව්‍යාප්ත වැඩසටහන හරහා සිය පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට සැලසුම් කර ඇත.














