උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් (Tashkent) නුවර පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු පිරිමි රග්බි සෙවන්ස් (Central and South Asia Men’s Rugby Sevens) තරගාවලියේදී මොන්ගෝලියාව පරදවා ලකුණු 43ට 05ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගාවලිය පුරා ඉහළ දක්ෂතා දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මින් පෙර කිර්ගිස්ථානය සමඟ පැවැති තරගය ද ලකුණු 54ට 05ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූහ. පිට පිට වාර්තා කළ මෙම දැවැන්ත ජයග්‍රහණත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුළ ඉතා ප්‍රබල ස්ථානයක පසුවේ.














