බණ්ඩාරවෙල ත්‍රීමාල් මාර්ගයේ උතුරුකැබිල්ලවෙල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ දාරුණ රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරවෙල දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් කළ අනෙක් පුද්ගලයා වහාම බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. අනතුරට සම්බන්ධ කාර් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, බණ්ඩාරවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














