ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා පිහිටුවන ලද කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන මත දකුණු පළාතේ පාසල් 270ක් සඳහා සුහුරු පුවරු (Smart Board) ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. රුපියල් මිලියන 153ක දැවැන්ත පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ පාසල් 115කට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 91කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 64කට මෙම සුහුරු පුවරු බෙදාදීම සිදු කෙරේ ග්‍රාමීය හා නාගරික පාසල් අතර පවතින අධ්‍යාපන අවස්ථාවන්හි පරතරය අවම කරමින්, සියලුම දරුවන්ට නවීන තාක්ෂණය සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් සමීප කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. දකුණු පළාත තුළ ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් පුළුල් කිරීම උදෙසා තැබූ ඉතාමත් වැදගත් සහ තීරණාත්මක පියවරක් ලෙස මෙය සැලකිය හැකිය.














