ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ණය පහසුකමේ පස්වන සහ හයවන කොටස් මෙම මාසය අවසන් වන විට ඒකාබද්ධව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඊට සමගාමීව ලෝක බැංකු සමූහය සහ එහි අනුබද්ධ ආයතන මඟින් නිශ්චිත සංවර්ධන සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලබා දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














