මහරගම LNBTI (ශ්‍රී ලංකා – ජපන් තොරතුරු තාක්ෂණ ආයතනය) හි අධ්‍යාපනය ලබන සිසුන්ට ජපානයේ පුහුණු සහ රැකියා අවස්ථා ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාවක් උදාවී තිබේ. ජපාන විශ්වවිද්‍යාල ක්‍රමයට අනුව උපාධිය සම්පූර්ණ කිරීමට පෙර රැකියා අත්දැකීම් ලබා ගැනීම අනිවාර්ය වන අතර, ඒ අනුව LNBTI ආයතනයේ සිසුන්ට මෙම අවස්ථාව හිමිවන බව අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණි.
මේ වන විටත් එම ආයතනයේ සිසුන් සිව්දෙනෙකුට ජපානයේ පුහුණු අවස්ථා හිමිව ඇති අතර, එම පුහුණුව අවසන් කළ වහාම ඔවුන්ට ජපානයේ ස්ථිර රැකියා හිමිවන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ජපාන නියෝජිත පිරිස තහවුරු කළහ. මෙමඟින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පළපුරුද්දක් සහ ඉහළ රැකියා අවස්ථා සෘජුවම ලබා ගැනීමට මඟ පෑදේ.














