එක් පුද්ගලයෙකුට තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක කාලයක් ජීවත් වීම සඳහා රුපියල් 16,690ක මුදලක් ප්‍රමාණවත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ පිළිගත් නිල නිර්ණායකයන් හා ක්‍රමවේදයන්ට අනුව, ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් නිල දරිද්‍රතා රේඛාව (Official Poverty Line) පදනම් කර ගනිමින් මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














