ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකරන ලද නව අධිකරණ සංකීර්ණයේ සියලු වැඩ කටයුතු මෙම වසරේ ජූනි මස මුල් සතිය වන විට අවසන් කර, නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සඳහා අධිකරණය වෙත භාර දීමට සැලසුම් කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2011 වසරේදී ආරම්භ කර තිබිණි. කෙසේ වෙතත්, ඉදිකිරීම් කටයුතු භාරව සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මුහුණ දුන් දැඩි මූල්‍ය අර්බුද හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද වීමට බලපෑ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සංකීර්ණය සඳහා යොදාගෙන ඇති අධිකරණ කිසිවක් දැනට කුලී ගොඩනැඟිලිවල පවත්වාගෙන නොයන බැවින්, මෙම ගොඩනැඟිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම හේතුවෙන් රජයට මූල්‍ය අලාභයක් සිදුව නොමැති බවයි.















