දිවයින පුරා පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් දුම්රිය මාර්ගවලට ගස් කඩා වැටීම නිසා කැළණි වැලි මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගවල දුම්රිය ධාවන කටයුතුවලට අද (22) උදෑසන සිට දැඩි බාධා එල්ල වී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා සියලුම දුම්රියන් සැලකිය යුතු වේලාවකින් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කළේය. පවතින අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද, දුම්රිය මාර්ගවලට වැටී ඇති ගස් සහ අතු කපා ඉවත් කර මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා සේවක කණ්ඩායම් වහාම එම ස්ථාන වෙත යොමු කර ඇති බව ද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි. මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අවසන් වූ සැනින් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගැනෙනු ඇත.














