හෙටට (මැයි 23) යෙදී තිබෙන ජාතික තරුණ දිනය වෙනුවෙන්, “Say No – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ දිවයින පුරා දැවැන්ත පාගමන් සහ රැළි 25ක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ශ්‍රී ලංකා යෞවන සමාජ (Youth Club) ජාතික සම්මේලනය එක්ව ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
මත්ද්‍රව්‍ය විරෝධී මෙම පාගමන් මාලාවේ ප්‍රධානතම ජාතික වැඩසටහන හෙට දින මහරගමදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, යෞවන සමාජ කොළඹ දිස්ත්‍රික් නායකයින් මෙන්ම ජාතික සම්මේලනයේ ප්‍රධාන නායකයින් ද සෘජුවම සම්බන්ධ වීමට නියමිතව ඇත.
ලංකාවේ සෙසු සියලුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අනෙක් පාගමන් සහ රැළි සඳහා එම දිස්ත්‍රික්කවල තරුණ නායකයින් නායකත්වය සපයනු ලබයි. තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමේ අරමුණින් සංවිධානය වන මෙම වැඩසටහන් සඳහා දිවයින පුරා සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.














