• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
in පුවත්, විදෙස්
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තායිවාන රජය විසින් ඉදිරිපත් කරන ලද ආරක්ෂක වියදම් ඉහළ නැංවීමේ සැලසුම්වලට සහය දක්වමින් සිය ගණනක ජනතාවක් සහභාගී වූ දැවැන්ත රැලියක් සෙනසුරාදා (23) තායිපේ (Taipei) අගනුවර මධ්‍යයේදී පවත්වා තිබේ. තායිවාන ජනාධිපති ලායි චින්ග්-තේ (Lai Ching-te) විසින් ආරක්ෂක අංශ වෙනුවෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 40 ක පරිපූරක අයවැයෙන් තුනෙන් දෙකක (2/3) ප්‍රමාණයක් පමණක් අනුමත කිරීමට එරට විපක්ෂය සතු බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුව පියවර ගැනීමත් සමඟ මෙම ජනතා විරෝධය මතු විය.
තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ රටේ ආරක්ෂාව තර කරගැනීම සඳහා ඇමෙරිකානු ආයුධ මිලදී ගැනීමට මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන ඩ්‍රෝන යානා ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් වෙනුවෙන් මෙම මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කළේය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විපක්ෂය මෙහිදී රජයේ යෝජනා අපැහැදිලි බවත් ඒවා හරහා දූෂණය සිදුවිය හැකි බවත් පවසමින් දේශීය නිෂ්පාදන සඳහා වෙන් කළ මුදල් කපා හැර ඇමෙරිකානු ආයුධ මිලදී ගැනීමට පමණක් අදාළ ප්‍රතිපාදන වෙන් කර තිබේ. රජය මේ වන විට නව “T-Dome” ඒකාබද්ධ ගුවන් ආරක්ෂණ පද්ධතිය (Integrated Air Defence System) ඇතුළු ඉතිරි ආරක්ෂක ව්‍යාපෘති සඳහා ද අනුමැතිය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වේ.
මානව හිමිකම් සහ තායිවාන නිදහස් ගැති සංවිධාන කිහිපයක් එකතු වී සංවිධානය කළ මෙම විරෝධතා රැලියේදී, සැබෑ සාමය උදාවන්නේ ශක්තිමත් ජාතික ආරක්ෂාවක් තුළින් පමණක් බවත් චීනයේ ව්‍යාප්තවාදයෙන් තායිවානයේ නිදහස රැකගත යුතු බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළහ. මේ අතර, තායිවානයේ ප්‍රධානතම විපක්ෂය වන කුවෝමින්ටැන්ග් (Kuomintang) පක්ෂයේ සභාපතිනි චෙන්ග් ලි-වුූන් (Cheng Li-wun) ප්‍රකාශ කර ඇත්තේ තමන් ආරක්ෂක වියදම්වලට විරුද්ධ නොවන නමුත් රජයට හිස් චෙක්පත් (Blank Cheques) ලබාදිය නොහැකි බවයි. පසුගිය මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පිං ද හමුවූ ඇය කියා සිටියේ තායිවානය ආයෝජනය කළ යුත්තේ යුද්ධය වෙනුවෙන් නොව සාමය වෙනුවෙන් බවයි. කෙසේ වෙතත් බීජිං පාලනයේ ස්වෛරීත්ව හිමිකම් ප්‍රතික්ෂේප කරන තායිවාන රජය පවසන්නේ රටේ අනාගතය තීරණය කළ හැක්කේ තායිවාන වැසියන්ට පමණක් බවයි.
Post Views: 3
Previous Post

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු පාලනයේ පවතින ලුහාන්ස්ක් හි සිසුන් 10ක් මරුට

Next Post

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

Editor TTV News

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
දේශගුණික විපර්යාස හේතුවෙන්  ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක්  වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

භාණ්ඩ සඳහා යුරෝපා සංගමය සමඟ  පොදු වෙළෙඳපොළක් ඇති කරගැනීමට  බ්‍රිතාන්‍යයෙන් යෝජනාවක් බ්‍රසල්ස් ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ සිටි  ISIS ත්‍රස්තවාදීන් 10 දෙනෙකු  තුර්කි බුද්ධි අංශ මඟින්  අත්අඩංගුවට ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සියලුම රාජ්‍ය ආයතනවල  තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල්  භාවිතය මැයි 31 සිට  සම්පූර්ණයෙන් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට සම්පූර්ණයෙන් තහනම්

23 May 2026
දේශගුණික විපර්යාස හේතුවෙන්  ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක්  වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය ශාක ප්‍රජාවට දැඩි වඳවීමේ තර්ජනයක් වාසස්ථාන අහිමිවීමේ අවදානමක් ගැන පර්යේෂකයන් අනතුරු අඟවයි

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved