දිවයින පුරා නිරිතදිග මෝසම් තත්ත්වය (South-West Monsoon) ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
වැසි තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළං තත්ත්වය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමන තරමක් තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි














