පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන එස්.එල්.ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අයට එරෙහිව අධ්‍යයන විෂමාචාරයන් සහ විභාග වංචා ගණයට වැටෙන වැරදිවලට අදාලව අභ්‍යන්තර විනය පරීක්‍ෂණ තුනක් මේ වන විටත් ක‍්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
ශිෂ්‍යයෙකුට අධ්‍යයන පැවරුම් ලබා නොදී ලකුණු ලබාදීම සම්බන්ධයෙන් අදාල ශිෂ්‍යයාගෙන් ලැබුන පැමිණිල්ලක් මත එක් විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර විභාගයට පෙනී නොසිටි ශිෂ්‍යාවකට සාමාර්ථයක් ලබාදීම සම්බන්ධයෙන් තවත් විනය පරීක්‍ෂණයක් පැවැත්වේ.
ඒ අතර තමන්ට නියමිත දේශන පැය 25 න් පැය 2 ක් පමණක් සිදුකර රාජකාරී පැහැර හැර තිබීම සම්බන්ධයෙන් ද තවත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යමින් තිබේ.
මෙම විනය පරීක්‍ෂණ පැවැත්වෙන අතරවාරයේදී අදාල අධ්‍යනාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඔහුගේ වංචා දුෂණ සහ අකටයුතුකම් පිලිබදව තවත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් ඒවා සම්බන්ධයෙන්ද නව විනය පරීක්‍ෂණ ආරම්භවීමට නියමිත බවත් දැනගන්නට ඇත.එම නව පැමිණිලි අතර විනය පරීක්‍ෂණයන්හී සාක්‍ෂි ලබාදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බලපෑම් කිරීම් සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් වන සිදුවීම්ද ඇතුලත්ව තිබෙන බව කියැවේ.
යම් පුද්ගලයෙකුට එරෙහිව විනය පරීක්‍ෂණක් පැවැත්වෙන අවස්ථාවකදී එකී පරීක්‍ෂණයේ සාක්‍ෂි කරුවන්ට බලපෑම් සිදු නොවීම පිණිස අදාල චෝදනා ලබන්නා වැඩ තහනමට ලක් කිරීම සාමාන්‍ය ක‍්‍රියා පිලිවෙත වේ.එම පිලිවෙතට අනුව ශාස්ත‍්‍ර පීඨයේම මහාචාර්යවරුන් දෙපලක් මේ වන විට වැඩ තහනමට ලක් කිරීමට උපකුලපති විසින් කටයුතු කර ඇත.
එහෙත් විනය පරික්‍ෂණ තුනක් පැවැත්වෙමින් තිබියදීත් මෙම පුද්ගලයා වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කර නැත්තේ ඔහු උපකුලපතිගේ සුරතලෙකු නිසා වන බවට විශ්වවිද්‍යාල පද්ධතියේ කසු කුසු නැගෙමින් ඇත.
මෙම පුද්ගලයා මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන අවධියේ බැදුම්කරයක් උල්ලංඝණය කිරීම හේතුවෙන් සේවයෙන් නෙරපා හල පුද්ගලයෙකු බවද මිලියන ගණනාවක් වන එම බැදුම්කරය රජය වෙත මෙතෙක් ගෙවීමට කටයුතු කර නැති බවද දැනගන්නට ඇත.
– අග්නි සපුමල් බණ්ඩාර














