අම්පාර, ගල්මඩුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි සැකකරුවෙකු සහ සැකකාරියක අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබූ කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්මඩුව සහ හිඟුරාණ ප්‍රදේශවල පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 48 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබන අතර පුරාවස්තු විනාශ කිරීම සහ නීතිවිරෝධී කැණීම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතයි.














